Story - මේ මගේ පුතා
Story - මේ මගේ පුතා
අපි දෙන්නගේ කසාදේ වුනේ අහම්බෙන්, එයා මට ආදරේ වුනාට මට එයා ගැන පොඩි හැඟීමක්වත් තිබුණේ නෑ.. ඒත් මම නිසා එයා අම්මා කෙනෙක් වෙන්න යන කරුමෙට අන්තිමට මට එයාව බඳින්න වුනා...
එයා මාත් එක්ක පොරුවට නගිද්දි, එයාගේ බඩට මාස තුනයි. මේ
මගේ ලෙයින් ඉපදෙන මගේම ළමයා වුනත් මගේ හිතේ
තිබුනේ තරහක් විතරයි. ඇයි මගේ ජීවිතේ මගේ වැරදි නිසාම නාස්ති
කරගත්තේ කියන සිතුවිල්ල මගේ හිතෙන් කවදාවත් නැති
වුනේ නැහැ... කසාදෙන් පස්සේ එයයි මමයි එක ඇඳකවත් නිදා ගත්තේ
නැහැ. එයා ජීවත් වුනේ හම්බවෙන්න ඉන්න බබාගේ ලෝකේ,
මම හිටියේ මගේම ලෝකෙක.. ලෝකෙට පෙන්නවත් අපි දෙන්නගේ
පවුල් ජීවිතයක් තිබුණේ නැහැ. කොහොමෙන් කොහොම හරි
දවසින් දවස බබා ලැබෙන දිනත් කිට්ටු වුනා. ඒත් මම තාම තාත්තා
කෙනෙක් වෙන්න රෙඩි නෑ. මේ මොන කරුමයක්ද කියන
හැඟීමයි මගේ හිතට අනන්තවත් ආවේ.. බබා හම්බුණ දවසේ රෑ අපේ
ගෙදර කට්ටිය, එයාගේ කට්ටිය සතුටු වුනේ මේ ලෝකේ තියෙන
වටිනම දේ ලැබුණ ගානට. ඒත් මම එදා රෑත් යාළුවෝ
එක්ක නයිට් ක්ලබ් ගිහින් හොඳටම බිලා කිසිදෙයක් වුණේ නැති
ගානටයි හැසිරුනේ.. දැන් බබා හම්බවෙලා මාස හයක් ඒත්
අද වෙනකම් මම තාම බබාව වඩා ගන්නවා තියා අතින්වත් ඇල්ලුවේ
නැහැ. ඒත් එක දවසක් මේ හැමදේම එක මොහොතකින් වෙනස් වුනා. එදා මට නිවාඩු,
වෙනදට කොයි වෙලෙත් අඬන බබා අද සැපට නිදි... මටත් නිවාඩු දවසේ
සැපට ඉන්න පුළුවන් කියාලා හිතුනා ගෙදර කිසි සද්දයක් නැති නිසා, එත් වයිෆ් ඇවිත්
"මම පොඩ්ඩක් ෆුඩ් සිටි එකට ගිහින් එන්නම්.. ඔයත් ගෙදර
ඉන්නවනේ අද, බබා හොඳටම නිදි එයා ඇහැරුනොත් පොඩ්ඩක් බලනවද...
මම පැය බාගෙන් එනවා" ඒත් මම ඇහුන්නැති ගානට හිටියා මට මොකද
බබා ඇහැරුනත් කියලා.. වයිෆ් ගිහින් විනාඩි 10ක් ගියේ නැහැ හොඳටම
වහිනවා ගොරව ගොරවා... ගෙරිවිල්ලි සද්දෙට බබත් හොඳටම අඬනවා.
ඒත් මම නෙමයි බලන්න ගියේ... ඇඬිල්ල නවතින්නේම නැහැ, බැරිම
තැන මම ගියා බලන්න. මොනා කිව්වත් බබා ඇඬිල්ල නවත්තන
පාටක් නැහැ. බැරිම තැන කසාදෙන් පස්සේ පළවෙනි පාරට
වයිෆ්ට කෝල් එකක් ගත්තා.. "තමුසේ කොහෙද ඉන්නේ... ඉන්න තැනකින්
ඉක්මණට ගෙදර එනවා.. මේ ළමයා නවත්තන් නැතිවම අඬනවා...
නිවාඩු දවසෙවත් සැනසිල්ලේ ඉන්න නැහැනේ ගෙදර.." "අනේ මට විනාඩි
10ක් දෙන්න ඔයා කේන්ති ගන්න එපා. එයාට ෆෝන් එකෙන්
පෙන්ගුන්ස්ලගේ විඩීයෝ පෙන්නන්න එයා ආසයි ඒවා බලන්න." එයා
එහෙම කිව්වට පස්සේ කෝල් එක කට් කරලා පෙන්ගුන්ස්ලගේ
විඩියෝස් පෙන්නුවා.. ඒත් මෙයාගේ ඇඬිල්ලේ පොඩි අඩුවක්වත්
නැහැ, මම ආයිත් වයිෆ්ට කෝල් එකක් අරන්, "ඒ මඟුල හරියන් නැහැ
අයිසේ.. ඉන්න තැනකින් ඉක්මණට ගෙදර එනවා" "හරි ඔයා ෆෝන් එකේ
වීඩියෝ ඔන් කරන්නකෝ එයා මාව දැක්කාම ඇඬිල්ල නවත්තයි.."
ඊට පස්සේ මම ෆෝන් එකේ වීඩියෝ ඔන් කළා මෙයා දැන්
ෆුඩ්සිටි එකේ ඉඳන් ළමයව නළවන්න හදනවා එක එක විකාර කර කර.
ෆුඩ්සිටි එකේ ඉන්න මිනිස්සු මෙයා දිහා අමුතු විදියට
බල බල යනවා මටත් පේනවා... ඒත් බබාගේ ඇඬිල්ලේ පොඩි
අඩුවක්වත් නැහැ.. "අනේ ඔයා එකපාරක් තරහා නැතිව එයාව වඩා ගන්න.
ගොඩක් වෙලා ඇඬුවොත් එයාට කැස්ස එනවා අනේ එක
පාරක් වඩා ගන්න එයාව..." මෙයා දිගින් දිගටම මට බබාව වඩා ගන්නලු.
බැරිම තැන වීඩියෝ කෝල් එක ඔන් එකේම තියෙද්දී මම ෆෝන් එක
තොටිල්ල උඩින් තියලා බබාව වඩාගන්න හැදුවා.. ඒත් මට
තේරෙන් නැහැ කොහොමද වඩාගන්නේ කියලා. කවදාවත්
නැතිව මගේ අත් දෙක වෙව්ව්ලනවා බබාව අල්ලද්දී. මේ මම
බබාව අල්ලපු පළවෙනිපාර, අන්තිමේදී මම එයාව මගේ තුරුලට වඩා
ගත්තා.. මම දන්නේත් නැතිවම මගේ ඇස් දෙක කඳුලු
වලින් පිරිලා. මගේ තුරුලට ආපු බබා ඇඬිල්ල නවත්තලා මගේ
මූණ අල්ල අල්ල හා පැටියෙක් වගේ හිනා වෙනවා.
බබා මගේ මූණ අල්ල අල්ල හිනා වෙද්දී මම මටත් නොදැනිම අඬනවා.
වයිෆ් හැමදේම වීඩියෝ කෝල් එකන් බලාගෙන එයා ෆුඩ්සිටි එකේ
ඉඳන් අඬනවා. මේ මගේ පුතා... මේ මගේ ජීවිතේ ඇයි
මම මෙච්චර කල් මෙයාව මගෙන් ඈත් කළේ. මගේ පපුවට තුරුලු
කරගෙන මම එයාව ඉඹගෙන ඉඹගෙන ගියා. ෆෝන් එක දිහා බලපු
මම "ඔයා ඉක්මණට ගෙදර එන්න. ඔතන ඉඳන් අඬන්න එපා... මේ මගේ පුතා"
නිමි....
රයාන්ගේ සිතුවිල්ලක්
Comments
Post a Comment